බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (16දා) අළුයම (මෙරට වේලාවෙන්) අවසන් වූ තරගාවලියේ 06 වැනි තරගයෙන් සත්කාරක කොදෙව් කණ්ඩායම පරාජය කර ලකුණු 139 ක් දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.
ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 343 ක් රැස්කිරීමට සමත්විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 38 ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204 ක් පමණි.
මෙහිදී කොදෙව් ඉනිම සම්පූර්ණයෙන් අසරණ කළ ඉම්රාන් තහීර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 45කට කඩුලු 07ක් දවාලීමට සමත්විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
