(Update) ප.ව. 4.35
දිගින් දිගටම පවතින් අදුරු ආලෝකය හේතුවෙන් සිවුවැනි දිනට තරගය දැන් නවත්වනු ලැබීය. තරගයේ පස්වැනි හා අවසන් දිනය වන හෙට තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වේ.
අදුරු ආලෝකය හේතුවෙන් තරගය නවතයි
ප.ව. 3.00
වර්ෂාව ඇඳ නොහැළුනත් පවතින අඳුරු ආලෝක තත්ත්වය හේතුවෙන් මේ වනවිට තරගය නවතා ඇත. තරගය නවත්වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 27ක් ක්‍රීඩාකර කඩුලු 03ක් දැවී ලකුණු 83ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 26ක් හා ඇඩම් වෝගස් ලකුණු 09 ක් ලබා සිටියි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ජයග්‍රහණයට ලකුණු 185ක් පසු පසින් සිටියි.
ඔස්ට්‍රේලියාව ලකුණු 206ක් පසුපසින්
ප.ව. 2.20
තරගය මේ වනවිට සිසිල් පැන් පානය සඳහා නවතා ඇති අතර පන්දුවට පහරදෙමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් අවසනදී කඩුලු 02ක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 206ක් රැස්කරගත යුතුව ඇති අතර, ශ්‍රී ලංකාව තවත් කඩුලු 08ක් ලබාගත යුතුව ඇත.
ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 02දී එක් ලකුණක් ලබාසිටි ඩේව්ඩ් වෝනර්, රංගන හේරත්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 33දී උස්මාන් කවජ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. කවජා දැවී යනවිට ලකුණු 18ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 353කට සීමාවෙයි
ප.ව. 1.15
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 353කට දැන් සීමා විය. කෙසේ නමුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 267ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව පසුවන අතර, තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද ඉතිරි පැය කිහිපයේ හා හෙට දිනයේදී ලකුණු 268ක් රැස්කරගත යුතුව ඇත.
වර්ෂාව අඩුවෙයි
ප.ව. 12.15
ඇඳහැලෙමින් තිබූ වර්ෂාව මේ වනවිට අඩුවී ඇති අතර, ආවරණද ඉවත්කරමින් තිබේ. දිවා ආහාරයට පෙර වර්ෂාව ඇඳහැළුණු හෙයින් ප.ව. 12.00 දිවා ආහාරය ලබාගත් අතර, තරගය කඩිනමින් නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.
වර්ෂාවෙන් තරගයට බාදා
පෙ.ව. 11.35
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් මේ වනවිට තරගය නැවතත් නවතා ඇත. තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 87.3ක් අවසනදී කඩුලු 07ක් දැවී ලකුණු 314ක් රැස්කරගෙන සිටි අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින ඩිල්රුවන් පෙරේරා ලකුණු 12ක් හා රංගන හේරත් ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 228ක් ඉදිරියෙන් සිටියි.
කුසල්ගේ ඉනිම අවසන් වෙයි
පෙ.ව. 11.05
ශ්‍රී ලංකා ඉනිමේ හත්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැන් දැවී ගියේය. කුසල් දැවී යනවිට ලකුණු 176ක් රැස්කරගෙන සිටියේය.
තරගය ආරම්භ කෙරේ
පෙ.ව. 10.50
ක්‍රීඩාංගණයට ඉහළ අහස නැවතත් පැහැදිලි වූ අතර, තරගය ආරම්භ දැන් ආරම්භ කරනු ලැබීය. කෙසේ නමුත් ක්‍රීඩාංගණය වටා ඇති කඳු වලල්ල දැඩි මීදුමකින් වැසී තිබේ.
තරගය ආරම්භය යළිත් ප්‍රමාද වෙයි
පෙ.ව. 10.45
තරගය ආරම්භ කිරීම මේ වනවිට නැවතත් ප්‍රමාද වී තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු රැකීමට මෙන්ම, ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලය පන්දුවට පහරදීමට පැමිණෙමින් සිටියද, ඊට පෙරාතුව ඇඳහැලෙමින් තිබූ සිහින් වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය ආවරණය කර ලෙස විනිසුරු දෙපල දැනුම් දුන්හ.
තරගය පෙ.ව. 10.45ට ආරම්භ කෙරේ
පෙ.ව. 10.15
තරගය පෙරවරු 10.45ට ආරම්කිරීමට තීරණය කර ඇත. දිවා ආහාරය සඳහා ප.ව. 12.15 ට තරගය නතරකිරීමට තීරණය කර ඇති අතර, අද දිනයේ පන්දුවාර 91 ක් යොමුකිරීමට නියමිතව ඇත.
ආවරණ ඉවත්කරමින් තිබේ
පෙ.ව. 10.05
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට ආරම්භකිරීමට නොහැකිව වසා දමා තිබූ ක්‍රීඩාංගණයේ ආවරණය මේ වනවිට ඉවත්කරමින් තිබේ. තරග විනිසුරුවන්ද ක්‍රීඩාංගණයේ තත්ත්වය මීට සුළු වේලාවකට පෙර නිරීක්ෂණය කළේය. ක්‍රීඩාංගණයට හිරු එළියද පතිතවෙමින් තිබෙන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමද පුහුණුවීම් සඳහා මේ වනවිට ක්‍රීඩාගණයට පැමිණ සිටියි.
තරගය ආරම්භය ප්‍රමාද වෙයි
පෙ.ව. 9.55
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (29දා) දිනය ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වි ඇත. අද උදෑසන සිට පල්ලෙකැල් ප්‍රදේශයට ඇඳහැළුණු වර්ෂව හේතුවෙන් මේ වනවිට ක්‍රීඩාංගණය ආවරණය කර ඇත.
තම දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 80ක් අවසනදී කඩුලු 06ක් දැවී ලකුණු 282ක් රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 169ක් හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 05ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් සිටියි.