ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර් නුවර පැවැත්විමට නියමිත තෙවැනි විස්සයි20 තරගය මෙහෙයවීමේ වගකීම ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට හිමිවෙනු ඇතැයි වාර්තා වෙයි.
කුසල් පෙරේරා ආබාධයකට ලක්ව සිටි අතර දැන් ඔහු එයින් සුවය ලබා තිබේ. ශ්රී ලංකා එක්දින නායක උපුල් තරංග පාකිස්තානයට යෑම ප්රතික්ෂේප කර ඇති හෙයින් මෙසේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල්ට හිමිව තිබේ.
එසේම එම තරගය සඳහා කණ්ඩායමේ උපනායකයා ලෙස තිසර පෙරේරා පත්කිරිමට නියමිත බවත් වාර්තා වෙයි. 2009 වසරෙන් පසුව ශ්රී ලංකාව නිල වශයෙන් පාකිස්තානයේ ක්රීඩා කරන පළමු තරගය මෙය වෙයි. ඒ කණ්ඩායමට එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් පසුවය.
විස්සයි20 තරගාවලිය ක්රීඩා කරන සංචිතය ඔක්තෝබර් 20 දා නම් කිරීමට නියමිතය.