ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත චැමිපියන්ස් ලීග පන්දුවාර විස්සයි20 තරගාවලියට නොවීමට තිලකරත්න ඩිල්ෂාන්ද තිරණය කර තිබේ.
ඔහු පවුලේ කටයුතු හේතුවෙන් මෙසේ තරගාවලියට එක් නොවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මාලිංග සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම අතැර මුම්බායි කණ්ඩායමට ඒක්වීම හේතුවෙන් සදරන් කණ්ඩායමට සිටි අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වූයේ තිලකරත්න ඩිල්ෂාන්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා සුපර් ෆෝ පන්දුවාර විස්සයි20 තරගාවලිය පැවැති අවස්ථාවේදි ඩිල්ෂාන් එම තරගාවලියට එක් නොවූ අතර ඔහු එංගලන්ත සරේ කණ්ඩායම හා එක්ව පළමු පෙළ තරග සඳහා එංගලන්තයේදි ක්‍රීඩා කළේය.
සදරන් එක්ස්ප්‍රස් කණ්ඩායම පෙරේදා (09දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර ඩිල්ෂාන් ඊයේ (10දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.