කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම පරාජය කර අද (27දා) උසෑසන පැවති තරගයකින් කඩුලු 06 ක ජයක් ලැබීමට තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය ලබාදෙන හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම සමත්විය. ටෘපර්ස් කණ්ඩායම තරගාවලියේ ලැබූ දෙවැනි ජය මෙය වේ.
හම්බන්තොට ටෘපර්ස් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කමාන්ඩෝස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය. සුපුරුදු පරිදි මෙම තරගයේදී ක්‍රියාත්මක වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 25කදී ලකුණු 51 ක් රැස්කරමින් ඉනිම නගාසිටුවීම සඳහා දායකවිය. ඊයේ (26දා) පැවති තරගයේදීද ගෝල් ගාඩියන්ස් කණ්ඩායමට එරෙහිව දික්වැල්ල ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය. ටෘපර්ස් වෙනුවෙන් තිලාන් තුෂාර හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 02 බැගින් දවාලමින් දක්ෂතා දැක්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම ලකුණු 163 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 04 ක් පමණක් දැවී තරගයේ 18.1 වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.
මෙවරද ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සීක්කුගේ ප්‍රසන්න පන්දු 21කදී හයේ පහර 03 ක් හා හතරේ පහර 03 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය. කැන්ඩි කෘසේඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (26දා) පැවති තරගයේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සීක්කු, එම තරගයේද වේගවත් ලකුණු 25 (පන්දු 16) රැස්කළේය. සීක්කුට අමතරව අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 41 ක් රැස්කිරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. උපුල් ඉන්ද්‍රසිරි හා ශමින්ද එරංග කඩුලු 02 බැගින් දවාලමින් කමාන්ඩෝස් වෙනුවෙන් දක්ෂතා දැක්වූහ. කමාන්ඩෝස් කණ්ඩායමේ නායක ලෙස පත්කළ මිලින්ද සිරිවර්ධන මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර, ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායම මෙහෙයවීය.
කලම්බු කමාන්ඩෝස් 162/8 (පන්දුවාර 20)
නිරෝෂන් දික්වැල්ල 51 (25, 4x6, 6x3), ශෙහාන් ජයසූරිය 24 (16, 4x1, 6x1), සදීර සමරවික්‍රම 23 (21, 4x3), පුලින තරංග 19 (21, 4x1), තිලාන් තුෂාර 2/33 (4), සීක්කුගේ ප්‍රසන්න 2/23 (4)
හම්බන්තොට ටෘපර්ස් 163/4 (පන්දුවාර 18.1)
අශාන් ප්‍රියන්ජන් නොදැවී 41 (34, 4x3, 6x1), සීක්කුගේ ප්‍රසන්න 40 (21, 4x3, 6x3), සඳුන් වීරක්කොඩි 36 (24, 4x3, 6x2), ජෙහාන් මුබාරක් 23 (17, 4x3), ඇන්ඩි සොලමන්ස් නොදැවී 14 (11, 4x1), උපුල් ඉන්ද්‍රසිරි 2/33 (4), ශමින්ද එරංග 2/22 (3)