ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හෙට (09දා) සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් ඩිල්ෂාන් සිය අවසන් දැල තුළ පුහුණුවීමේ සැසියට net session අද (08දා) එක්විය.
මෙම පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිගද එක්විය. මිට දින කිහිපයකට ඉහතදී මාධ්‍යයට අදහස් දක්වමින් මාලිංග පැවැසුවේ තමා ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි20 තරගයට ඇතුළත් කර ගන්නේ නම් ආබාධය ගැන පවා නොසිතමින් තරග කරන බවයි.
කෙසේ වෙතත් හෙට විස්සයි20 තරගයට නම් කළ ක්‍රීඩකයන්ගේ වෙනස්වීමක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වාම නිවේදනයක් නිකුත් නොකළේය.
ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්රහයෙනි