අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (01දා) නිකුත් කළ පිතිකරුවන් හා තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගතකිරීම්වලට අනුව තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණ ඇත. මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දක්වන දක්ෂතා අනුව ඩිල්ෂාන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත.
එම තරගාවලියේ මේ දක්වා තරග හතරකට ක්‍රීඩාකර ඇති ඩිල්ෂාන් පන්දුවට පහරදීමෙන් ලකුණු 229 ක් රැස්කර වැඩිම ලකුණු රැස්කර ඇති පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි. ඊට අමතරව ඔහු පන්දු යැවීමෙන් කඩුලු 03ක් බිඳහෙළා ඇත. මෙම වර්ගීකරණයේ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි ස්ථානයේ පසුවන අතර, පළමු දසදෙනා අතර සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් දෙපළ ඔවුහු පමණක් වෙති.
ඔවුන්ට අමතරව එක්දින පිතිකරුවන් අතර කුමාර් සංගක්කාරද පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා සමගින් දෙවැනි ස්ථානයට පත්ව ඇත. එංගලන්තයට එරෙහිව පෙරේදා (01දා) පැවැති තරගයේදී සංගක්කාර දැක්වූ දක්ෂතා අනුව මෙම ස්ථානය හිමිව ඇත. තරග 4කට ක්‍රීඩාකර ලකුණු 268 ක් රැස්කරගෙන සිටින සංගක්කාර ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ඔහු ඉහළම ලකුණු රැස්කරගෙන සිටින පිතිකරුවා වෙයි. ඔහුට අමතරව එක්දින පිතිකරුවන් අතර ඩිල්ෂාන් පස්වැනි ස්ථානයේ පසුවෙයි. ඒ හැරෙන්න වෙනත් පිතිකරුවෙකු පළමු දසදෙනා අතර නොමැත.
එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් දසදෙනා
1. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව/409)
2. ශකීබ් අල් හසන් (බංග්ලාදේශය/399)
3. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව/394)
4. මොහොමඩ් හෆීස් (පාකිස්තානය/384)
5. ෂාහිඩ් අෆ්රිඩි (පාකිස්තානය/328)
6. ජේම්ස් ෆෝක්නර් (ඔස්ට්‍රේලියාව/320)
7. රවින්ද්‍ර ජඩේජා (ඉන්දියාව/307)
8. මොහොමඩ් නාබි (ඇෆ්ගනිස්තානය/278)
9. ෂේන් වොට්සන් (ඔස්ට්‍රේලියාව/270)
10. ග්ලෙන් මැක්ස්වෙල් (ඔස්ට්‍රේලියාව/269)
එක්දින පිතිකරුවන් දස දෙනා
1. ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව/898),
2. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව/849),
2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව/849)
4. විරාට් කෝලි (ඉන්දියාව/847)
5. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව/798)
6. කේන් විලියම්සන් (නවසීලන්තය/789)
7. ශිකර් දවාන් (ඉන්දියාව/784)
8. ආරෝන් ෆින්ච් (ඔස්ට්‍රේලියාව/734)
9. ජෝජ් බේලි (ඔස්ට්‍රේලියාව/718)
10. මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව/712)