යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වෙන තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කළහොත් ඔහු වෙනුවට කණ්ඩායමට පැමිණෙන්නේ ධනුෂ්ක ගුණතිලක බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
එසේම ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයට පෙරාතුව ආබාධයකයකට ලක්වූ නුවන් ප්‍රදීප් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කළ බවත් ඒ අනුව හෙට තරගයේදී ඇන්ජලෝ පෙරේරාට හා සීක්කුගේ ප්‍රසන්නට අවසන් 11 දෙනා අතරට පැමිණීමට හැකියාවක් තිබෙන බවත් මැතිව්ස් පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ හෙට තරගයේදී පිතිකරණ අනුපිළිවෙළ වෙනස් වීමට ඇත්තේ අවම ඉඩක් බවයි. බොහෝ විට පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එක් වෙනසක් ඇති වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
කණ්ඩායමේ ආබාධ තත්වයන් පිළිබඳව අදහස් දක්වමින් මැතිව්ස් පැවැසුවේ කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ආබාධයන්ට ලක්වුවත් ඔවුන්ගේ තත්ත්වය දැන් සුව අතට පත්ව ඇති බවයි.