වසර 17ක සිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා දිවියේ අවසන් තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ හිිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ආරම්භක පතිකරු තිලකරත්න ඩිල්ෂාන් අද සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.
කෙසේ වෙතත් ඔහු සහභාගිවූ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට නොහැකි විය. දෙරට අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු හතරක ජයක් ලැබිය. ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලියද 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 129ක ඉලක්කය කඩුලු හයක් වැයකර පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත්විය.පළමු විස්සයි20 තරගයේ මෙන්ම මෙම තරගයේදිත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ලකුණු 66ක් රැස්කළේය.
සිය අවසන් තරගයට ක්‍රීඩා කළ ඩිල්ෂාන් එක් ලකුණකට දැවි ගියත් ඔහු පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවා ගත්තේය.