එක්දින ක්‍රිකට් පිටියේ සිය අවසන් පන්දුවාර 50 තරගයට ක්‍රීඩා කරන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු හා නායකයන් දෙපළක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන කළ සේවයම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටුකළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ඔස්ට්‍රේලියාව හා දඔුල්ලේ අද පවත්වන එක්දින තරගයෙන් පසුව ඩිල්ෂාන් පන්දුාවාර 50 පිටියෙන් සමුගන්නා අතර තරගය පළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්ෂාන්ගේ සේවය අමතමින් මේ බව පැවැසීය.
ඩිල්ෂාන් ක්‍රීඩා කරන අවසන් එක්දින තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායමේ බලාපොරොත්තුව බවද මැතිව්ස් පැවැසීය.