ටොංගා 35 - 21 නැමීබියා
රග්බි ලෝක කුසලාන තරගාවලියේ 'සී' කාණ්ඩයේ ඊයේ (29දා) පැවැති තරගයකින් නැමීබියාව පරාජය කර ලකුණු 35 - 21 ක් ලෙස පහසු ජයක් ලැබීමට ටොංගා කරණ්ඩායම සමත්විය.
ජයග්රාහී ටොංගා ක්රීඩකයෝ ගෝල දිනුම් 02ක්, උත්සාහක දිනුම් 03ක් හා දඩුවම් පහර 02 ක් සාර්තාක කරගනිමින් සිය ජයග්රහණය තහවුරුකරගත් අතර, පරාජිත නැමිබියා ක්රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුම් 03ක් පමණි.
මෙම ජයග්රහණයත් සමඟ ටොංගා කණ්ඩායම 'සී' කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය.