ශ්‍රී ලංකා පාසල් බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ටී.බී.ජයා අන්තර්පාසල් බොක්සිං තරගාවලිය අද (08දා) මුලතිව්හිදී ආරම්භ වේ.
1969 වර්ෂයේදී පළමු වරට ආරම්භ කරන ලද මෙම තරගාවලියශ්‍රී ලංකා පාසල් ක්ෂේත්රයට අලුත් බොක්සිං තරු හඳුන්වා දීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියකි.මෙවර තරගාවලිය මුලතිව්හිදී පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.
ක්‍රීඩකයන්ට පමණක් විවෘත මෙම තරගාවලිය මෙවර වයස් කාණ්ඩ03 ක් හා බර පංති 16 ක් යටතේ පැවැත්වේ.
තරගාවලිය එළඹෙන 11 වැනිදාදක්වා පැවැත්වේ.
තරගාවලියේ ජයග්‍රාහකයෝ මෙම වර්ෂයේ ජාතික පාසල් තරගාවලියට හා ස්ටබ්ස් ශීල්ඩ් බොක්සිං තරගාවලියට සුදුසුකම් ලබති.
මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 225 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිත බව පාසල් බොක්සිං සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
තරගාවලියේ පසුගිය වර ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් විය.