ට්‍රෙවර් බේලිස් එංගලන්ත පුහුණු තනතුරට
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවර් බේලිස් පත් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්යක්ෂ ඇන්ඩ්‍රෘ ස්ට්‍රවුස්ගේ තීරණයකට අනුව ඔහුව පත් කර ඇති බවයි.
මේ අනුව ලබන මාසයේදී සිය තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිත බේලිස්ගේ පළමු වගකීම එළඹෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය වනු ඇත.
බේලිස් මීට පෙර 2007-2011 කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොබවා ඇත. එහිදී ඔහුගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අනුශූරයන් බවට පත් විය. එමෙන්ම ඔහු අයි.පී.එල් තරගාවලියේදී පුහුණුකාරීත්වය දැරූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දෙවරක් (2012, 2014) එහි ශූරතාව දිනා ගැනීමටද, 2012 වර්ෂයේදී ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලියේදී පුහුණුකාරීත්වය දැරූ සිඩ්නි සික්සස් කණ්ඩායම එවර එහි ශූරතාව හා එම වසරේ චැම්පියන්ස් ලීග් තරගාවලියේ ශූරතාවද දිනා ගැනීමටද සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
