ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ශ්රී ලංකා ක්රිකට් පුහුණුකිරිමේ දෙපාර්තමේන්තුවේ ප්රධානී ජෙරෝම් ජයරත්න පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (07දා) නිවේදනය කළේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අත්පත්තු මහතා පසුගිය බ්රහස්පතින්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රදාන පුහුණුකරු තනතුර හිස්විය.
ජෙරෝම් ජයරත්න මහතා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය තෙක් ජෙරෝම් ජයරත්න මහතාගේ පත්කිරීම වලංගු වෙයි.
කොදෙව් කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී පැවැත්වෙයි.