ජාතික ශූරතා ටෙනිස් තරගාවලිය හෙට
99 වැනි ජාතික ශූරතා ටෙනිස් තරගාවලිය හෙට (08 දා) ආරම්භ වේ.
තරගාවලිය ආරම්භ කරමින් කනිෂ්ඨ තරග හෙට ආරම්භ කරන අතර, එය එළැඹෙන මේ මස 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ජ්‍යෙෂ්ඨ තරග මේ මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් පෞද්ගලික සමාගම කටයුතු කරන අතර, තරගාවලියේ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (07) කොළඹදී පැවැත්වුණි.
මෙහිදී තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානයද සිදුකෙරුණු අතර, මෙම අවස්ථවට ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ සභාපති ඉක්බාල් බින් ඉස්සැක්, තරගාවලි අධ්යක්ෂ උදිත් වික්‍රමසිංහ හා භාරතී එයාර්ටෙල් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන අලෙවි නිලධාරී චන්ද්‍රසේකර් සිං චවුහාන් යන මහත්වරු සහභාගී වී සිටියහ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.