තරගාවලියේ පිරිමි අංශයේ සාර්ථකම ක්‍රීඩා සමාජය ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදා 'ඒ' කණ්ඩායමත් කාන්තා අංශයේ සමස්ත ශූරතාව මාස් (එම්.ඒ.ඒස්.) සදර්න් කණ්ඩායමත් හිමි කරගනිමින් 2015 වර්ෂයට අදාළ බොක්සිං ජාතික ශූරතාවලිය පෙරේදා (20) කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී නිමාවට පත් විය. තරගාවලියේ දක්ෂතම කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාව රන් පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් විය.
යුද හමුදා කණ්ඩායම
මාස් කණ්ඩායම
එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් රන් පදක්කම් 3 ක් හා 2 ක් හිමි කරගත් නාවික හමුදා.ඒ' හා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයන් වෙයි. එමෙන්ම කාන්තා අංශයේ සම අනුශූරයින් බවට පත් වීමට තුරුලිය හා යුනිචෙලා කණ්ඩායම් සමත් විය.ෙතරගකරුවන් හා තරගකාරීයන් 157 දෙනෙකු සහභාගි වූ මෙම තරගාවලියේ වඩාත්ම විද්‍යානුකූල ක්‍රීඩකයා (Most scientific Boxer) ලෙසින් සම්මාන දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී.වී. සපරමාදු සමත් විය.
දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව
එහි කාන්තා අංශයේ ශූරිය හෙවත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමි කරගැනීමට තුරුලිය ක්‍රීඩා සමාජයේ කේ.ඒ.ඩී. ධර්මතිලක සමත් වූවාය. මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන ද්විත්වය පිළිවෙළින් ගුවන් හමුදා 'ඒ' කණ්ඩායමේ එම්.වයි.එම් දිල්ෂාන් හා මාස් සදර්න් ක්‍රීඩා සමාජයේ බී.එල්. සඳරේඛා දිනාගත්හ. මෙහිදී පිරිනැමූ 2015 වර්ෂයට අදාළ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා සම්මානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්.ඩී.එස්. ජයවීර විසින් හිමි කර ගත් අතර එම වර්ෂයටම අයත් සාර්ථකම කණ්ඩායම ලෙස කිරුළු හිමි කර ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි.
තරගාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ජාතික බොක්සිං පුහුණුකරු හා යුද හමුදා බොක්සිං කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එච්.එෆ්. රූපසිංහ මහතා සහභාගි විය.