ජාතික ධජයට නිග්‍රහ වන ලෙස ජාතික කරාතේ ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට ලබාදුන් සහතිකපත් මුද්‍රණය කර තිබෙන බවට කරතේ ප්‍රවීණයෝ පිරිසක් 'අද' වෙත පැවසූහ. ඔවුන් චෝදනා කරන්නේ සිංහ කොඩිය මුද්‍රණය කරන සම්මත ක්‍රමවේදයට පරිබාහිරව මෙවර සහතිකපත් මුද්‍රණය කර තිබෙන බවය.
මේ පිළිබඳ අදහස් දැක්වූ කරාතේ දෝ සම්මේලනයේ සභපති අජිත් අබේසේකර මහතා,
“ශ්‍රී ලංකා කරතේ දෝ සම්මේලනයට අනුබද්ධව කටයුතු කරන ක්‍රීඩා සමාජ 250 ක් විතර තිබෙනවා. ඒ අතර සිටින තදින් පහරදීමේ සංගම් 40 එකතුවෙලා තමයි අපට සියලු සහතිකපත් මුද්‍රණය කරලා දුන්නෙ. නමුත් ඔවුන් ලබාදුන් සහතිකපත්වල ජාතික ධජය මුද්‍රණය වී ඇති ආකාරය මතභේදාත්මක බව උපසභාපතිතුමා කීවා. ඒ අනුව අපි ක්‍රීඩකයන්ට ලබාදුන් සහතික සියල්ලම අවලංගු කළා. අපි ලබාදුන් සහතික නැවත සම්මේලනයේ භාරයට ගෙන අලුත් සහතිකපත් ක්‍රීඩකයන්ට ලබාදෙන්න කටයුතු කරනවා" යැයි පැවසීය.