ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය කල්දැමීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය (Fina) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට හා එම අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රාෆික් මහතාට ඊයේ (11දා) ලිපියක් යොමුකොට තිබේ.
ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාවේ 14 BL වගන්තියට ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියට අනුකූල වනතෙක් නිලවරණය කල් දමන්නැයි ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය අමාත්යරවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි. ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩා ව්‍යවස්ථාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට අනුකූලව සකසාගැනීමට ශ්‍රී ලංකාවට මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එම කාලය අවසන් වනතෙක් නිලවරණය නොපවත්වන ලෙසද මවු සංගමය සිය ලිපියෙන් සඳහන් කරයි.
එසේම මේ පිළිබඳ කරුණු විමසමින් අප්‍රේල් 09 වැනිදා එම සංගමය විසින් එවූ ලිපියටද සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා නැතැයිද එම සංගමය සඳහන් කරයි.
යම් හෙයකින් මෙම නිලවරණය සිකුරාදා පැවැත්වුවහොත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනමට පවා ලක්විය හැකි බවද එම සංගමයේ සභාපති නෙත්රූ නානායක්කාර මහතා 'අද' කළ විමසුමකදී පැවසීය. එසේම මෙම ගැටලුවට එම සංගමයේ හිටපු සභාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවිය යුතු බවද ඔහු සඳහන් කළේය.
අගමැතිතුමා හා ජනපතිතුමා මේ ගැන බලනවා නම් හොඳයි
- ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති නෙත්රූ නානායක්කාර
"අපේ මවු සංගමය අපෙන් ඉල්ලුවා ඒ අයගේ ව්‍යවස්ථාවට අනුව අපේ ව්‍යවස්ථාව හදන්න කියලා. අපි ඒක හැදුවා. මාස දෙකක් ඇතුළත ක්‍රීඩා ව්‍යවස්ථාව හදනවා කියලා අපේ ඇමතිතුමා (නවීන් දිසානායක) කියලා තියෙන නිසා ජාත්‍යන්තර සංගමය කියන්නේ අයි.ඕ.සී. එකත් එක්ක (ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව) මේ එකඟතාවට එනකම් පනත යටතේ නිලවරණය තියන්න එපා කියලයි. මේ පනත යටතේ නිලවරණය තිබ්බොත් අපේ සාමාජිකත්වය අවලංගු කරයි. මේ ගැන මම අද (11දා) ඇමතිතුමාට කියනවා.
අපි හොඳට වැඩ කරගෙන ගියා. මූල්‍ය වංචා කිසිවක් නෑ. අවුරුදු හතරේ නීතිය යටතේ කාටවත් නැවතත් නිලවරණයට එන්න බෑ. ලංකාවේ ළමයි පන්දාස් පන්සියයක් පීනනවා (ක්‍රීඩා කරනවා) ඇමතුමාට අපි පළමු ලියුම ආපු ගමන් කිවුවා. නමුත් ඒකට ප්‍රතිචාර දක්වා නෑ. අඩුම තරමේ අගමැතිතුමා සහ ජනපතිතුමා මේ ගැන බලනවා නම් හොඳයි. ජනාධිපතිතුමා අපේ හිටපු සභාපතිතුමානේ."