ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බාරව කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජික ජයනන්ද වර්ණවීර මහතාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අද (16දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ ඔහුට එරෙහිව පැවැති චෝදනා සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරනු ලැබූ පරීක්ෂණ සඳහා ජයනන්ද වර්ණවීර මහතා සම්බන්ධ නොවීම හේතුවෙන් මෙම තහනම පැන වූ බවයි.
ජයනන්ද වර්ණවීර මහතාට එරෙහිව තරග පාවාදීමේ චෝදනා ගොනු කර තිබූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
පසුගිය ඔක්තෝබර් 02දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ, ජයනන්ද වර්ණවීර මහතා අතුරු කමිටුවෙන් ඉල්ලා අස්වූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ජයනන්ද වර්ණවීර මහතාට තහනම පැනවූ බවත් ඒ අනුව ඔහුට වසර දෙකක කාලයක් ක්‍රිකට්, ක්‍රිකට් කළමනාකරණය හා ක්‍රිකට් ක්‍රීඩාවේ නියෝජනය කිරීමට තහනම් කළ බවයි.