සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මිර්පූර් හි ශෙරේ බංග්ලා පිටියේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම පෙරේදා (09දා) පැවැතියේය. මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණ ු309ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 47.5කදී සියලු දෙනා දැවී ලකුණු 288ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිට බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41.3කදී කඩුලු පහකට ලකුණු 271ක් ලෙස ප්රභල තත්ත්වයක සිටියේය. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල ලෙස එම ලකුණු සංඛ්යාවේදී ශකිබ් අල් හසන් දැවී යාමත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ ඉනිම කඩාවැටුණි. ඒ අනුව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 17ක් එක්වන විට අවසන් කඩුලු පහ දවා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.