දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයනු වස් ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළ සැප්තැම්බර් මස 21 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර ඩයලොග් ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා (Dialog Peoples Player of the year) සඳහා සම්මානය ජනතා කැමැත්තෙන් තෝරා පත් කරගන්නා අතර ඒ සඳහා 2015 හා 2016 වසරේ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය. ඊට අමතරව වසරේ ඩයලොග් ක්‍රීඩකයා (Dialog Cricketer of the year) සඳහාද සම්මානයක් ලබාදෙන අතර තරග විනිසුරුවරුන්, අවුරුදු 23 න් පහළ දේශිය ක්‍රීඩකයින්, ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර තරගාවලිය, සරා ලීග් සහ ඩොනමන් අන්ඩ්‍රේ යන තරගාවලිහිදී විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇගයීමට ලක් කෙරේ.
මෙවර සම්මාන උලෙළේදී සමස්ත සම්මාන 65 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරන අතර වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා තේරීම සඳහා එස්.එම්.එස් (ඕනෑම ජාලයකින් DPP < හිස්තැනක් > ක්‍රීඩකයාගේ නම සඳහන් කර 2343 එස්.එම්.එස් කිරීම) අන්තර්ජලය (www.Cricketawards.com) හා ෆේස්බුක් (ඩයලොග් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ෆේස්බුක් පිටුවට ගොස් අදාළ ක්‍රීඩකයාට LIKE දැමීම) යන මාධ්‍ය තුන වෙන්ව තිබේ. වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා සඳහා ඡන්දය පළ කිරීම අගෝස්තු මස 24 වැනි දින 12.00 ට ආරම්භ වන අතර එය සැප්තැම්බර් මස 20 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ.
වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම
1. දිනේෂ් චන්දිමාල්
2. තිලකරත්න ඩිල්ෂාන්
3. රංගන හේරත්
4. දිමුත් කරුණාරත්න
5. නුවන් ප්‍රදීප්
6. සුරංග ලක්මාල්
7. ලසිත් මාලිංග
8. ඇන්ජෙලෝ මැතිව්ස්
9. ඩිල්රුවන් පෙරේරා
10.කුසල් ජනිත්
11. තිසර පෙරේරා
12. නුවන් කුලසේකර
13.කුමාර සංගක්කාර
14.කෞෂාල් සිල්වා
15. ළහිරු තිරිමාන්න
16. ධම්මික ප්‍රසාද්