(VIDEO) තරග ජයග්‍රහණය කරන විට සහාය දක්වන්නා සේම කණ්ඩායම පරජයට පත්වූ විට සහාය දක්වන්න යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායක චාමර කපුගෙදර පැවසීය.
පල්ලෙකැලේ පිටියේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය. ජනතාව කෙසේ සිතන්නේ දැයි තමන්ට දැනුමක් නොමැති බවද ඔහු පැවසීය.
“වෙනත් ප්‍රශ්න නෑ. එක දිගට පරාජය වෙන විට දිනන ක්‍රමය අමතක වෙනවා. හැම කණ්ඩායමකට එහෙම වෙනවා. දිනන විදිය අපෙන් ගිලිහී තිබෙන්නෙ. එක තරගයක් ජයග්‍රහණය කරලා එතැනට එන්න හදන්නේ. අවසන් තරග දෙකේදී පන්දු යැවීමෙන් ලොකු නැගීමක් තිබුණා. පිතිකරුවන්ගෙන් දැන් නැගීමක් අවශ්‍යයි.
පුහුණුකරුවන් ගැන අපට ලෝකු ගැටලුවක් නෑ. පුහුණුකරුවන්ට මැදට ගිහින් ක්‍රීඩා කරන්න බෑ. ක්‍රීඩකයො තමන්ගේ වගකීම් ගෙන ක්‍රීඩා කරන්න ඕන. එතකොට තමයි තරග ජයග්‍රහණය කරන්නෙ. අපේ දුර්වලතා තිබෙනවා. නැත්නම් තරග පරාජය වෙන්නේ නෑ.
ජනතාව හිතන දේ ගැන මම නම් දන්නේ නෑ. මට හිතන විදිහට කණ්ඩායමේ ප්‍රශ්නයක් නෑ. එකළොස් දෙනාම එක වගේ ඉන්නවා. දැන් තියෙන්නේ දක්ෂතා දක්වලා තරග ජයග්‍රහණය කරන්න.
තරග පරජය වෙන එක පසුබෑමක්. මේ අවස්ථාවේදී අපි හිතන්නේ කණ්ඩායමක් හොඳට කරද්දි සහයෝගය දෙනවා වගේම කණ්ඩායමක් පසුබෑමකට ලක්වෙලා ඉන්න විට මානසිකව හා අනෙක් හැම අතින්ම සහාය දක්වන්න ඕන. ලංකාවේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපට සහාය දෙන්න. අපි උපරිමය කරන්න උත්සාහ කරනවා. මම හිතනවා වැඩි ඈතක නෑ. අපි තරග පරදින්න ක්‍රීඩා කරන්නේ නෑ" යැයි හෙතෙම පැවසීය.