චෙන්නායි කණ්ඩායමට පහසු ජයක්
- 26 04 2014
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- . .
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (25දා) ඩුබායිහිදී පැවැති තරගයෙන් කඩුලු හතක පහසු ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
එය ඔවුන් මෙවර තරගවාරයේ ලැබු තෙවැනි ජයග්රහණයද වෙයි.
ලකුණු 142ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිතිකරුවෝ පන්දුවාර 19ක් අවසානයේ කඩුලු තුනක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියහ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ චෙන්නායි කණ්ඩායමේ බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී ලකුණු 71ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 141 රැස්කිරීමට සමත්විය.
මුම්බායි ඉනිම අසරණ කළ මොහිත් ශර්මා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මුම්බායි 141/7 (පන්දුවාර 20)
රෝහිත් ශර්මා 50 (පන්දු 41, 4x3, 6x2)
කුරේ ඇන්ඩර්සන් 39 (පන්දු 31, 4x3, 6x1)
මෝහිත් ශර්මා 4/14 (පන්දුවාර 4)
චෙන්නායි 142/3 (පන්දුවාර 19 )
බ්‍රෙන්ඩන් මැකලම් 71 (පන්දු 53, 4x8, 6x2)
ඩ්වෙන් ස්මිත් 29 (පන්දු 22, 6x4)
හර්බජන් සිං 2/27 (පන්දුවාර 4)
ඡායාරූපය BCCI
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

