රුසියාවට එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනාව මේ වන විටදී චීනයටද එල්ල වීමේ අවදානමක් ඇති බවක් දක්නට ලැබේ.
ඒ එරට පිහිනුම් ක්‍රීඩිකාවක වූ ක්වින්ග් වෙනයි නැමති 17 හැවිරිදි පිහිනුම් ක්‍රීඩිකාවගේ මරණය හේතුවෙනි. එරට නැගී එන ක්‍රීඩිකාවක වූ වෙනයි පසුගියදා හදිසියේ මරණයට පත් වී ඇති අතර වෛද්‍ය වාර්තා මගින් දැක්වෙන්නේ වෙනයි ගේ හදවත එක්වරම නැවතීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.
කෙසේ නමුත් ඇයගේ මරණය පිළිබඳ සැක සංකා මතු වන්නේ චීන බලධාරීන් වෙනයි ගේ මරණයේ කිසිදු මරණ පරීක්ෂණයක් පවා සිදු නොකර ඇයව පැය 48 ක් තුළ ආදාහනය කිරීමට පියවර ගැනීම හේතුවෙනි. චීනයේ යොවුන් ක්‍රීඩා උලෙළේදී මීට මාස දෙකකට පෙර පිහිනුම් ඉසව්වෙන් පදක්කම් ද්විත්වයක් හිමි කර ගත් නිරෝගී ක්‍රීඩිකාවක වූ වෙනයි ගේ හදිසි මරණය පිළිබඳවත්, ඇයගේ මරණය සිදුවූ පසු චීන බලධාරීන් ක්‍රියා කළ ආකාරයත් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මේ වන විට යම් කුතුහලයකින් පසුවන බව පැවසේ.
ඔවුන් පවසන්නේ මරණයට හේතුව තහනම් උත්තේජක ගැනීමක්ද යන්න පිළිබඳවද සැක මතුවන බවයි.
කෙසේ නමුත් සැකය සත්‍ය වුවහොත් චීනයේ ද ඔලිම්පික් පදක්කම් ලාභී පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ දැඩි කුහුලක් මතුවන බවත් එම මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ චීන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය කාලයේදී ඉතා හොඳ දස්කම් දැක්වූ අතර 2012 වර්ෂයේදී චින ක්‍රීඩිකා යේ ස්වාන් මීටර් 200 හා 400 නිදහස් ආර ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම ඊට හොඳම නිදසුන වේ. කෙසේ නමුත් එවර තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් අදියර නිමා කිරීමට ඇයට ගත වූ කාලය එහි පිරිමි ඉසව්වේ අවසන් අදියරේ ශූරතාව හිමි කර ගත් ඇමෙරිකාවේ රයන් ලොචෙට් ගේ අවසන් අදියර සඳහා ගත වූ කාලයට වඩා වැඩි වීම බොහෝ දෙනෙකුගේ සැක සංකාවට බඳුන් විය.
එමෙන්ම මෙම වසරේ කසාන් හිදී පැවති ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේදී යේ සී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයද මෙම සැක සංකා වඩාත් තීව්ර කිරීමට සමත්ව ඇත.