ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට තුන් පිම්ම පිරිමි ඉසව්ව නියෝජනය කළ මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ එල්.ඩබ්. චමල් කුමාරසිරි අද (11දා) සමත් විය.
ඔහුට අමතරව මීටර 400 කඩුලු පැන දිවීම කාන්තා හා පිරිමි ඉසව්වේ අවසන් තරග අද සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දෙපළක් සුදුසුකම් ලැබ සිටිති. එහි කාන්තා අවසන් තරගයට උඩබුලත්ගම අඹගමුව මධ්‍ය මහා විදුහලේ ඩී.එම්. යමානි දුලාංජලී සහභාගීවීමට නියමිත අතර, පිරිමි අවසන් තරගයට මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන සහභාගීවීමට නියමිතය ඇත. මෙම ශූරතාවලිය කටාර්හි දෝහා අගනගරයේ පැවැත්වෙන අතර, අද තරගාවලියේ අවසන් දිනයයි.