ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් මෙරට දේශීය තරගයක් අතරතුර ආබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. ඔහුගේ දකුණු අතේ මහපට ඇඟිල්ල ආශ්‍රිතව මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර, සති තුනකට ආසන්න කාලයක් විවේක ගන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට තරග සංචාරයක් නොමැති අතර, ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ සංචාරය වනවිට ඔහුට සම්පූර්ණ සුවය ලැබිය හැකි බව වෛද්‍යවරුන් පවසා තිබේ. සිම්බාබ්වේට එරෙහි පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
නමුත් සිම්බාබ්වේ සංචාරය වෙනුවට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි කරගනිමින් තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වීමටද මේ වනවිට අවධානය යොමුව ඇති අතර, ඒ වනවිට චන්දිමාල් සම්පූර්ණයෙන්ම සුවය ලබා පුහුණුවීම් සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චන්දිමාල් මෙම වසර තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින හා විස්සයි20 හා ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණුලාභියා වේ.