අඛණ්ඩව එක්දින ඉනිම හයකදී අර්ධ ශතක හයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු එක්දින ක්‍රීඩකයා බවට දිනේෂ් චන්දිමාල් පවත්වීමට තිබූ අවස්ථාව අහිමිවිය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේද අර්ධ ශතකය පෙනි පෙනී ඔහු දැවී ගිය හෙයිනි.
චන්දිමාල් අවසන්වරට ක්‍රීඩා කළ එක්දින ඉනිම පහේදී අර්ධ ශතක පහක් වාර්තා කිරීමට සමත්වූ අතර අද තරගයේදී ඔහු අර්ධ ශතකයක් රැස්කළේ නම් අඛණ්ඩ එක්දින ඉනිම හයේදී අර්ධ ශතක හයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට චන්දිමාල්ට පත්වීමට අවස්ථාව තිබුණි. එහෙත් අවාසනාවන්ත අයුරින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව චන්දිමාල් දැවී ගියේය.
යම් හෙයකින් චන්දිමාල් අද තරගයේදී අර්ධ ශතයක් රැස්කළේ නම් ඔහු අඛණ්ඩ එක්දින ඉනිම 6කදී අර්ධ ශතක හයක් රැස්කළ ලෝකයේ හයවැනි ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව තිබුණි.
චන්දිමාල් අවසන්වරට ක්‍රීඩා කළ ඉනිම හය
52- එංගලන්තය
62-එංගලන්තය
63 එංගලන්තය
53 - එංගලන්තය
80*- ඔස්ට්‍රේලියාව
48 - ඔස්ට්‍රේලියාව