චන්දිමාල්ට තරග තහනමක් - නායකත්වය මාලිංගට
- 28 03 2014
- 18:13
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දුවාර 20-20 නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ ඊයේ (27දා) පැවැති ශ්රී ලංකා- එංගලන්ත තරගයේදී ඔහු නියමිත කාලසීමාවට පන්දුවාර යොමු කිරීමට අපොහොසුුත් වූ හෙයිනි.
ඒ අනුව සඳුදා (31දා) නවසීලන්තයට එරෙහිව ශ්රී ලංකාව මූලික වටයේ මුහුණදෙන තීරණාත්මක තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට හිමිව තිබේ. තරග තහනමට අමතරව ඔහුගේ තරග ගාස්තුවෙන් 20%ක මුදලක්ද දඩ වශයෙන් අයකර ගැනීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
