බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන ප්රථම අවසන් පූර්ව තරගයේදීත් ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවැරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව දිනේෂ් චන්දිමාල් අද තරගයටත් ක්රීඩා නොකරනු ඇත. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමම අද තරගයටත් ක්රීඩා කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රකාශකයෙක් අදට පැවැසීය.