ලෝක ප්‍රකට පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් වෙඩි තබා ඝාතනය කළ බව කියන ඔහුගේ පෙම්වතිය මෙන්ම හිටපු නිරූපිකාවකද වෙන රීවා ස්ටෑන්කෑම්ප්ගේ ඡායාරූප කිහිපයක් මාධය වෙත මුදා හරිනු ලැබීය.
සිද්ධියට අදාළ නඩු විභාගයේදී රීවාගේ දෙමාපියන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම ඡායාරූප ජනතාවට පෙන්වීමට කටයුතු කළේය.
ඔස්කා පිස්ටෝරියස් විසින් සිය දියණියට කළ වද හිංසා ලෝකයට බලා ගැනීම සඳහා මෙම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරන ලෙස රීවාගේ පියා අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ඡායාරූප හයක් මාධ්‍යයට නිකුත් කළ අතර එයින් ඡායාරූප තුනක් ඩේලි මේල් පුවත් සේවය පළ කර තිබුණි.
සිය නිවසට නොදන්වා ඇතුළු වූ පුද්ගයෙකු බව සිතමින් තමා 2013 වසරේ පෙබරවාරි 14 (ආදරවන්තයින්ගේ දිනයේදී) වෙඩි තබා ඝාතනය කළ බව පිස්ටෝරියස් පවසයි.
නඩු විභාගයේදී තවදුරටත් තීරණ ගැනීම සඳහා පිස්ටෝරියස්ට සිය කෘතිම පාද ගලවා ඉවත් කර අධිකරණයේදී ඇවිදීමටත් සිදුවිය.