ඔස්ට්‍රේලියාව සමගින් පසුගියදා (08දා) ගාල්ලේදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රවේශපත් විකිණීමෙන් ලැබුණු ආදායම, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ටෙස්ට් තරගයක ප්‍රවේශපත් විකිණීමෙන් මේ දක්වා ලැබුණු වැඩිම ආදායම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළකළේ අද (10දා) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ය. මෙම මාධ්‍යහමුවේදී අනාවරණය වූ ආකාරයට මෙම මුදල රුපියල් 2,826,150 ක් වූ අතර එය පල්ලෙකැලේදී පැවති පළමු තරගයේ ආදායමට වඩාරුපියල් මිලියනයකට වඩා වැඩි ආදායමකි.
මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කලේ විසි දහසකට ආසන්න ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් මෙම තරගය නැරඹීමට පැමිණි බව වාර්තා වූ බවයි.