(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය හා පී. සරා පිටියේ පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගෙයේ දෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ලකුණු 304 රැස්කරගෙන සිටියේය. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 166 ඉදිරියෙන් සිටියි.
රංගන හේරත් (10) හා දුෂ්මන්ත චමිර (00) නොදැවී පිටියේ රැදී සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කෞෂාල් සිල්වා (80) අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු විය.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස සංගා (32), දැවී ගිය අතර චන්දිමාල් (01), කිත්රුවන් විතානගේ (03) දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
සිය අන්තය ආරක්ෂා කරගනිමින් නායක ඇන්ජලෝ මැතිව්ස් (77) ධම්මික ප්‍රසාද් හා එක්ව (35) හත්වැනි කඩුල්ල ලකුණු 73ක සබඳතාවක් ගොඩනැංවීය. එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම සබඳතාවද විය. අනගි ඉනිමක් ක්‍රීඩාකළ තරිඳු කෞෂාල් ලකුණූ 18ක් රැස් කළේය.
පාකිස්තාන ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ යසීර් ෂා කඩුලු 5 බිදහෙළීය. ඔහුට අමතරව ජුනයිඩ් ඛාන්, මොහොමඩ් හෆීස් හා සුල්ෆීකාර් බාබර් හමුවේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
දෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය නිමාකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 231ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට වඩා තවත් කඩුලු හතරක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 93ක් ඉදිරියෙන් සිටියි.
නායක ඇන්ජලෝ මැතිව්ස් (57) ධම්මික ප්‍රසාද් (13) නොදැවී පිටියේ රැදී සිටිති. දිවා ආහාරයෙන් පසුව කෞෂාල් (82), චන්දිමාල් (01) හා කිත්රුවන් (03) දැවී ගියහ.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු තුනකට ලකුණු 147ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට (138) වඩා ශ්‍රී ලකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව ලකූණු 9ක් ඉදිරියෙන් සිටියි.
කෞෂාල් සිල්වා (64), ඇන්ජලෝ මැතිව්ස් (11) නොදැවී පිටියේ රැදී සිටිති.
අද ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 70 ක් රැස්කරගෙන සිටියේය. අද පළමු කඩුල්ල ලෙස කුමාර් සංගක්කාර (34) පිටියෙන් ඉවත්විය. ඉන් අනතුරුව ළහිරු තිරිමාන්න (7) දැවී ගියේය.
ජුනයිඩ් ඛාන්, යසිර් ෂා හා සුල්ෆිකාර් බාබර් එක් කඩුල්ල බැගින් බිද හෙළුහ.
ඡායාරූප - ශාන්ත රත්නායක