කෝලි 19වැනි ශතකයත් ලබයි
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරදා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 280 ක ඉලක්කය කඩුලු හතරක් පමණක් වැයකර 49 වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන විරාත් කෝලි සිය එක්දින දිවියේ 19 වැනි ශතකය රැස් කිරීමට සමත්විය. තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය පදනම සකස් කළ නායක විරාත් කෝලි අජින්ක්‍යා රහානේ සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 213 ක සබඳතාවක් ගොඩනැංවීය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලිගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 279 රුස්කිරීමට සමත්විය. නායකත්වයේ වගකීම් මැනවින් ඉටුකළ මුෂ්ෆීකර් රහීම් එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කරමින් ඊයේ (26දා) ලකුණු 117 රුස්කිරීමට සමත්විය.
බංග්ලාදේශය 279/7 (පන්දුවාර 50)
මුෂ්ෆීකර් රහීම් 117 (පන්දු 113, 4x7, 6x2)
අනාමුල් හක් 77 (පන්දු 106, 4x5, 6x3)
මොමිනුල් හක් 23 (පන්දු 29, 4x4)
ඉන්දියාව පන්දු යැවීම
මොහොමඩ් සාමි 50/4 (පන්දුවාර 10)
රවිචන්ද්‍රන් අශ්වින් 50/1 (පන්දුවාර 10)
බංග්ලාදේශ කඩුලු වැටීම- රෙහමාන් (16/1), මොමිනුල් (49/2), අනාමුල් (182/3), නයීම් (231/4), නසීර් (241/5), රෙහමාන් (270/6), මුෂ්ෆීකර් රහීම් (276/7)
ඉන්දියාව පන්දුවට පහරදීම 280/4 (පන්දුවාර 49)
විරාත් කෝලි 136 (පන්දු 122, 4X16, 6X2)
අජින්ක්‍යා රහානේ 73 (පන්දු 83, 4X7, 6X1)
බංග්ලාදේශය පන්දු යැවීම
අබ්දුර් රසාක් 20/1 (පන්දුවාර 5)
සියාවුර් රෙහෙමාන් 49/1 (පන්දුවාර 8)
කඩුලු වැටීම- දවාන් (50/1), රෝහිත් (54/2), කෝලි (267/3), රහානේ (272/4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

