ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පසුගිය මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබූ දෙවැනි එක්දින තරගය සූරියවැවදී පැවැත්වීම හේතුවෙන් එම තරගය වෙනුවෙන් නිකුත් කළ ප්‍රවේශපත් සඳහා නැවත මුදල් ගෙවීම අද (02දා) ආරම්භ වූ අතර එය 10 වැනිදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී සිදුකෙරෙයි.
කොළඹදී පැවැත්වීමට තිබූ මෙම තරගය අයහපත් කාලගුණය හේතුවෙන් සූරියවැවදී පවත්වනු ලැබීය. ඒ අනුව කොළඹ තරගයේ ප්‍රවේශපත්‍ර ලබාගත් අය සඳහා නැවත මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කෙරිණි.
මේ අනුව අදාළ මුදල් ගෙවීමට නියම ප්‍රවේශපත්‍ර ඉදිරිපත් කළ යුතු බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. අන්තර්ජාලය හරහා ටිකට් මිලදී ගැනීමට මුදල් ගෙවූ ණයපතට අදාළ මුදල් බැරකරන බවත්, ඩයලොග් මධ්‍යස්ථානවලින් මුදල් ලබාගත් අයට අදාළ මධ්‍යස්ථානවලින්ද මුදල් ලබාගත හැකි බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.