ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදුන් නව ක්‍රීඩක කොන්ත්‍රාත් සඳහා ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 30 දෙනාගෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකු අදාළ ගිවිසුමට අත්සන් තබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.ඊයේ (20දා) සවස 6.00 වනවිටත් කිසිදු ක්‍රීඩකයෙකු මෙම කොන්ත්‍රාත් සඳහා අත්සන් නොතබා තිබූ අතර පසුව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, මෙහෙයුම් ප්‍රධානී ජෙරොම් ජයරත්න හා වෙළෙඳ අංශයේ රායි රේමන්ඩ් යන අය ක්‍රීඩකයන් පුහුණුවීම් සිදුකරන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගොස් පුහුණුවීම්වල නියුතු ක්‍රීඩකයන්ගෙන් ඊට අත්සන් ලබාගෙන තිබේ.
කෙසේ වෙතත් කොන්ත්‍රාත් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් රවීන් වික්‍රමරත්න මහතා පවසා සිටියේ සියලු ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් කිරීමට එකඟ වී ඇති බවත්, ඒ අනුව අනෙකුත් ක්‍රීඩකයන් ඉදිරියේදී එයට අත්සන් තබනු ඇති බවත්ය."දඹුල්ලේ ක්‍රීඩා කරනවා 04 දෙනෙක්. ඒ අය තරගය ඉවර වුණාම අත්සන් කරනවා කිව්වා. ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව හිමි 17 දෙනාම අත්සන් කිරීමට එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන් 17ක් හා 14ක් වශයෙන් කාණ්ඩ කරලා තිබුණා. නමුත් සමස්තයක් වශයෙන් සියලු ක්‍රීඩකයන් කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීමට එකඟ වෙලා තිබෙනවා" යැයි වික්‍රමරත්න මහතා පැවසීය.