සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර බාබඩොස්හිදී ඊයේ (09දා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 27ක ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ලකුණු 171ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි. පන්දුවට පහරදීමෙන් ටිම් බ්රෙස්නන් නොදැවී ලකුණු 47ක් (පන්දු 29) හා රවී බොපාරා ලකුණු 42ක් (පන්දු 24) රැස්කළ අතර, පන්දු යැවීමෙන් සැමුවෙල් බඩ්රි ලකුණු 17කට කඩුලු 3ක් දවාලීය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 170ක් රැස්කළේය. මාලන් සැමුවෙල්ස් පන්දු 46කදී ලකුණු 69ක් රැස්කිරීමට සමත්වූ අතර, ක්රිස් ගේල් පන්දු 35කදී ලකුණු 43ක් රැස්කළහ.තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන හිමිකරගත්තේය.තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.