කොදෙව්වන්ට පහසු ජයක්
සැමුවෙල් බද්රීගේ විශිෂ්ට පන්දු යැවීමත්, ක්රිස් ගේල් හා ඩ්වේන් ස්මිත් එක්ව පළමු කඩුල්ලට ගොඩ නැංවූ සාර්ථක සබඳතාවත් හේතුවෙන් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරගයෙන් සත්කාරක බංග්ලාදේශය පරදා ලකුණු 73ක පහසු ජයක් ලැබීය.
කොදෙව් කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 19.1 ක් තුළ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98 ක් පමණි.
බ.ඉ.කො. 171/7 (පන්දුවාර 20)
ඩ්වේන් ස්මිත් 72 (පන්දු 43, 4x10, 6x3)
ක්රිස් ගේල් 48 (පන්දු 48, 4x3, 6x2)
අල් අමීන් හුසේන් 3/21 (පන්දුවාර 4)
සකිබ් අල් හසන් 1/21 (පන්දුවාර 3)
බංග්ලාදේශය 98/10 (පන්දුවාර 19.1)
මුෂ්ෆිකර් රහීම් 22 (පන්දු 22, 4x2, 6x1)
මෂ්රෆි මොර්ටසා 19 (පන්දු 17, 4x3)
සැමුවෙල් බද්රී 4/15 (පන්දුවාර 4)
ක්රිෂ්මර් සැන්ටොකී 3/17 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

