තරගය පැවැත්වුණේ එංගලන්තයේ එජ්බැස්ටන් පිටියේදීයි. එය 1975 වසරේ ජුනි මාසයයි. පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග පැවැති පළමු ලෝක කුසලානයේ බී කාණ්ඩයේ තරගයක් වූ මෙය පාකිස්තාන කණ්ඩායම විසින් සම්පූර්ණයෙන්ම පාහේ ජයග්‍රහණය අත්පත් කරගෙන සිටි මොහොතකි.
පන්දු වාර හැටකින් යුත්, එක් පන්දු වාරයකට පන්දු පහක් පමණක් සහිත එම කාල සමයේ කොදෙව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ක්ලයිව් ලොයිඩ්ය.
පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය උසුලනු ලැබුවේ මජිඩ් ඛාන් විසිනි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 266ක් දක්වා ඔසවා ගිය මජිඩ් ඛාන්, තම වේගපන්දු යවන්නන්ද මනාව හසුරුවමින් ලකුණු 166කට කඩුලු අටක් බිඳ දැමුවේ කොදෙව් කණ්ඩායමින් ජයග්‍රහණය දුරස් කරමිනි. ඒ අනුව නම් දැරූ පිතිකරුවන් සියල්ලම පාහේ දැවී යද්දී පිටියේ ඉතිරි වූයේ කඩුලු රකින ඩෙරයික් මරේ පමණි.
එහිදී නියමිත පන්දු වාර දොළහ ඇතුළතදී සෆ්රාස් නවාස් විසින් විසින් ලකුණු 48ට බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව හතරකි. තරගයේ තවත් සුවිශේෂි විශේෂත්වයක් වන්නේ පාකිස්තානයෙන් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ජාවේඩ් මියැන්ඩාඩ් මෙහිදී එක්දින වරම් ලබාගැනීමයි. කෙසේ වෙතත් එය මියැන්ඩාඩ්ට අමතක නොවන තරගයක් බවට පත් කිරීමට මරේ සමග එක්වූ ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස් සමත් වූ අතර අන්තයක් ආරක්ෂා කරගනිමින් වේගයෙන් ලකුණු රැස්කළ මරේට අනගි සහයක් ලබාදීමට රොබට්ස්ට හැකි විය.
ඒ අනුව තරගයේ තීරණය ලබාගැනීමට අවසන් පන්දු වාරය තෙක්ම කල් මැරීමට පාකිස්තානයට සිදුවූයේ අවසන් පන්දු පහට ලකුණු පහක් ලබාගත යුතු වූ හෙයිනි. අවසන් පන්දු වාරය යැවීමට කැඳවූයේ වසීම් රාජාය. එහෙත් පළමු පන්දුවට මුහුණ දුන්නේ රොබට්ස්ය. රොබට්ස්ගේ උත්සාහය පුල් පහරකටය.එහෙත් එය ව්‍යර්ථ විය.
එහෙත් පාදයේ වැදුණු එම පන්දුවෙන් ලකුණු දෙකක් උදුරාගත් ඔවුහු,දෙවැනි පන්දුවෙන්ද තවත් ලකුණු දෙකක් උදුරාගත්හ.ඒ පන්දුව මිඩ් විකට් කලාපයට යොමු කරමිනි.දැන් තරගය සමය. කොදෙව් කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ එක් ලකුණකි. පාකිස්තානයට දවා ගැනීමට ඇත්තේද එක් කඩුල්ලකි. රොබට්ස් එල්ල කළේ අවදානම් පහරකි. එහෙත් අවාසනාවක මහත! තරගයේ ජය හිමිවූයේ කොදෙව් කණ්ඩායමටයි.
එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගත් කොදෙව්වන්, අවසන් කඩුල්ලට එක්කළ නොබිඳුණු සබඳතාව ලකුණු 64කි. කෙසේ වෙතත් මෙහි තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පාකිස්තානයේ සෆ්රාස් ඛාන්ටය.