ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ඊයේ (18දා) පැවැති තවත් තරග දෙකකින් ජයග්රහණ වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය සමත් විය.
හොංකොං සමග පැවැති තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්වූයේ පන්දුවාර 18 ක් තුළ සිය ඉලක්කය වූ ලකුණු 154 පසුකර යාමෙනි.
හොංකොං 153/8 - ඇෆ්ගනිස්ථානය 154/3
නේපාලය සමග පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශය ඊයේ සමත්විය. ලකුණු 127ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 15.3 කදී සිය ඉලක්කය පසුකර යාමට සමත්විය.
නේපාලය 126/5 - බංග්ලාදේශය 132/2
පුහුණු තරග
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර පැවැති තවත් පුහුණු තරග දෙකකින් ජයග්රහණ වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්රිකාව සමත් විය.
එංගලන්තය සමග පැවැති තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූයේ පන්දුවාර 16.1 කදීය. සිය ඉලක්කය වූ ලකුණු 132 පසුයාමට සමත්වීමෙනි.
එංගලන්තය 131/7 - බ.ඉ.කොදෙව් 132/3
බංග්ලාදේශ ඒ කණ්ඩායම හා දකුණු අප්රිකාව සමග පැවැති තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකාව සමත්විය. ලකුණු 117 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්රිකාව පන්දුවාර 18.3 කදී සිය ඉලක්කය පසුකර යාමට සමත්විය.
බංග්ලාදේශ 'ඒ' 116/10 - දකුණු අප්රිකාව 122/5