කොදෙව් ‘ඒ’ ලකුණු 333ක දැවැන්ත ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජය කර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (14දා) අවසන් වූ දෙවැනි නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයෙන් ලකුණු 333ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 1 – 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 481ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදි සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.
පසුගිය අගහරුවාදා (11දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ‘ඒ’ කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 509/9ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245ක් පමණි.
නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ කොදෙව් ‘ඒ’ කණ්ඩායම ලකුණු 216/3ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 481ක ඉලක්කයක් හිමිවිය.
දෙරට අතර පැවැත්වෙන අවසන් නිල නොවන සිවුදින ක්‍රිකට් තරගය මේ මස 18 වැනිදා රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

