තහනම් උත්තේජන චෝදනාවට ලක්ව එයින් නිදහස් වූ කුසල් පෙරේරාට වන්දි ගෙවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (06දා) තහවුරු කළේය.
ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළ අතර මින් ඉදිරියට කටාර්හි හි පවතින අන්තර්ජාතික තහනම් උත්තේජන නිවාරණ ඒජන්සියේදී අයි.සි.සී. තහනම් උත්තේජක පරීක්ෂණ සිදු නොකිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
කුසල් තහනම් උත්තේජක ලබාගත් බවට වූ පරීක්ෂණ සිදුකළේ කටාර්හි පවතින ආයතනයේය.
කුසල්ට රුපියල් ලකෂ 350ක් වන්දි වශයෙන් ලැබීමට නියමිත බවත් මෙම මුදල ඉහළ දමාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.