තහනම් උත්තේජන චෝදනාවටක ලක්ව ඇති ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ දෙවැනි සාම්පල් පරීක්ෂාව (බී සාම්පල පරීක්ෂාව) සඳහා එය විදෙස් රටකට යවා ඇති බවත්, කුසල් ජනිත් පෙරේරාගේ ගැටලුව නිරාකරණය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කුසල් ජනිත් පෙරේරා තරග තහනමකට ලක්වුහොත් එය T20 ක්‍රිකට් තරගාවලියට බලපා හැකි බවත්, ඇතැම් විට මෙය ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් විය හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (16දා) මේ බව පැවසීය.
කුසල් ජනිත් පෙරේරාගේ මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජන ඇතුළත් බවට තහවුරු වීමත් සමග නවසීලන්තයේ සිට ඔහු ශ්‍රී ලංකාවට ගෙන් විය.