කුසල්ගෙන් හා දිමුත්ගෙන් සාර්ථක ආරම්භයක්
- 5 10 2016
- 11:03
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා කොදෙව් ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුදින නිල නොවන ටෙස්ට් තරගයෙන් සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන (පෙ.ව. 11.10ට පමණ) පන්දුවාර 12 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු72ලබාගෙන සිටියි.
ඒ අනුව කොදෙව් ඒ කණ්ඩායම රැස්කළ ලකුණු 276 ප්‍රමාණයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තමත් ලකුණු 204 පසුපසින් සිටියි. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (04දා) අරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකාව මුල්ම වරට රෝස පැහැති පන්දුව භාවිතයට ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 21ක් හා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 46ක් රැස්කරගෙන සිටිති.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
