තහනම් උත්තේජක චෝදනාවට ලක්ව එයින් නිදහස් වූ කුසල් ජනිත් පෙරේරාට නැවත ක්රීඩා කිරීමට ලැබීම සතුටක් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
කෙසේ වෙතත් ක්රියාවලිය මෙන්ම පද්ධිතිය පිළිබඳව කනගාටුවන බව සඳහන් කරන මහේල අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට යෝජනා කරන්නේ සෑම විභාගයක්ම අවසන් වන තෙක් ක්රීඩකයෙකුට ක්රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කරයි.