කළවේ ආබාධයකට ලක්ව සිටින නුවන් කුලසේකරට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරග දෙකද අහිමිවන බව මැද පෙරදිගින් වාර්තාවේ. එක්දින තරගාවලියේදී කුලසේකර මෙම ආබාධයට ලක්වූ අතර, ඒ හේතුවෙන් පළමු ටෙස්ට් තරගයද ඔහුට මගහැරී ගියේය.
16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට කුලසේකර සමගින් වේග පන්දු යවන්නන් 5 දෙනෙක් ඇතුලත්ව සිටියහ. සුරංග ලක්මාල් හා ශමින්ද එරංග පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කළ අතර, නුවන් ප්රදීප් හා නවක ක්රීඩක විශ්ව ප්රනාන්දු මෙම සංචිතයට ඇතුළත්ව ඇත. ඉදිරි ටෙස්ට් තරග දෙක පැවැත්වෙන ඩුබායි හා සාජා තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් දක්වන බැවින් එම තරග සඳහාද වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් යොදා ගනු ඇතැයි වාර්තාවේ.