ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී නොකඩා ශතක හතරක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මීට සුළු වේලාවකට පෙර සමත්විය. ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. සංගක්කාර අද වාර්තා කරනු ලැබුවේ 25 වැනි එක්දින ශතකයයි.
ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් වලට එරෙහිව මීර පෙර ශතක රැස්කර තිබුණි. ඔහුට අමතරව තිලකරත්න ඩිල්ෂාන්ද සිය 22 වැනි එක්දින ශතකය රැස්කර සංගක්කාර සමගින් කඩුල්ලේ රැදී සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 34 අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 211 රැස්කරගෙන සිටියි.