ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වුවත් තමන් නායකත්වයෙන් ඉවත් නොවන බව එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් සඳහන් කරයි.
“මම කිසිදෙයකින් ඉවත්වන්නේ නෑ. එංගලන්තයේ නායකයා වීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ සඳහා (නායකත්වයට) මම සුදුසුයි කියලා විශ්වාස කරනවා. මම මගේ උපරිමය හැම වෙලාවකම දෙනවා.” යැයි කුක් සඳහන් කරයි.
එංගලන්ත නායකයා අවසන් වරට මුහුණ දී ඇති ඉනිම 24දී වාර්තා කර තිබෙන්නේ ලකුණු 601කි. ඒ අනුව ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලෙස දක්වෙන්නේ ලකුණු 25ක් ලෙසිනි.
“ලකුණු අමාරුවෙන් එන විට එය මට අමතර පීඩනයක් ගෙන දෙනවා. හැමදෙනෙක්ම දන්නවා ඉක්මනින්ම වෙනස් වෙන්න පුළුවන් කියලා. මම එය අතීතයේදී කරලා තියෙනවා.” යනුවෙන් කුක් වැඩිදුරටත් සඳහන් කරයි.