වසර අටකට පසුව ආසියානු තරගාවලියකදී පළමු වරට පදක්කමක් ශ්රී ලංකාවට හිමිකර දුන් කාන්තා ක්රිකට් කණ්ඩායම අද (29දා) දිවයිනට පැමිණි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ආසියානු තරගාවලියේදී කාන්තා ක්රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්රී ලංකාවට හිමිවිය.
ශ්රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කළ අතර, ජීවන්ත කුලතුංග පුහුණුකරු ලෙසත්, රොෂාන් ඉද්දමල්ගොඩ කණ්ඩායම් කළමනාකරු ලෙසත් කටයුතු කළහ.