ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්. ටී.කමල් පද්මසිරි මහතා වැඩ භාරගැනීම අද (14දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. පසුගියදා (02දා) සිදු වූ කැබිනට් සංශෝදනය ප්‍රකාරව අමාත්‍යාංශ විෂය ගැසට් කිරීම පෙරේදා (12දා) සිදු වූ අතර, ඊට අදාළව මෙම පත්කිරීම සිදුව තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 21 වසරක සේවා අත්දැකීම් සතු කමල් පද්මසිරි මහතා මින් පෙර රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසත්, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් කටයුතු කර තිබේ.
එමෙන්ම කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරයා වශයෙන්ද සේවය කර ඇති ඒ මහතා 2016 සැප්තැම්බර් මාසයේ සිට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මින් පෙර ලේකම් ධුරය හෙබ වූ ජයන්ත විජේරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම්වරයකු වශයෙන් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියැළේ.