ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී ක්‍රීඩාවකින් ඔබ්බට ගොස් දේශපාලනීකරණයට ලක්වීම හා ව්‍යාපාරයක් බවට පත්ව තිබීම කනගාටුදායක බවත් නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
සිංගර් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවට අතීතයේ ක්‍රිකට් සංස්කෘතියක් තිබූ බවයි. සිංගර් ශ්‍රී ලංකා පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය මගින් පවත්වනු ලබන සිංගර් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේදී මෙවර වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කරගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සමත් විය.
මෙහිදී පාසල් 1, 2 හා 3 කාණ්ඩවල (division)දක්ෂතා දැක්වූ පාසල් හා ක්‍රීඩකයන් සඳහා සම්මාන පිරිනැමිණි.
දක්ෂතම ක්‍රීඩකයා - චරිත් අසලංක
පළමු කාණ්ඩයේ ශූරතාව - ත්‍රිත්ව විදුහල
දෙවැනි කාණ්ඩයේ ශූරතාව - රාජකිය විදුහල
සීමිත පන්දුවාර ශූරතාව - ඩී.එස්. විදුහල
විස්සයි20 ශූරතාව - බෙනඩික් විදුහල
ඡායාරූප - ඉසුරු පෙරේරා